මෙරට භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වර්තමානයේ දි ලෝකයේ වැඩි අවධානයකට ලක්වි ඇති බව ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උද්ඝෝෂණ, විරෝධතා වලට සහභාගි නොවි භික්ෂූන් වහන්සේලාගේ කාර්යය භාරය වන්නේ බෞද්ධාගම ආරක්ෂා කරගැනීම බවයි.මහනුවර ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙරට ග්‍රාමීය පන්සල් වල ජීවත් වන භික්ෂූන් වහන්සේලා බෞද්ධාගම ආරක්ෂා කරගැනීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටින බව සරත් අමුණුගම අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
මාල දිවයින, මලයාසියාව සහ ඉන්දුනිසියාව යන රටවල් අතීතයේ බෞද්ධාගමික රටවල් වශයෙන් පැවතිය ද පසු කාලීනව එම තත්ත්වය වෙනස් වූයේ එම රටවල භික්ෂුන් වහන්සේලා ඇතුළු බෞද්ධ සමාජයේ විනය පිරිහීම හේතුවෙන් බව අමාත්‍ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය. http://apennews.com/
No comments:
Post a Comment