පසුගිය සතියේ තවුහිත් ජමාත් සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බව ප‍්‍රකාශ කර තිබීම සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිය, උරුමය වෙනුවෙන් විවිධාකාරයෙන් සංවිධානය වී ඇති ජාතික, ආගමික සංවිධාන තහනම් කරන්නැයි ඉල්ලා සිටීමම මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ අයිතියට එල්ල කළ අභියෝගයක් බව ජාතික හෙල උරුමය පවසා සිටී.එසේම එය එම ප‍්‍රකාශය සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවන්නක් බව පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ජාතික හෙළ උරුමය පවසා සිටිනුයේ ‘මේ රටේ ශිෂ්ටාචාරය, සංස්කෘතිය, ඉතිහාසය නිර්මාණය කළ සිංහල බෞද්ධ ජාතික අයිතිය වෙනුවෙන් කතාකරන, පෙනී සිටින ක‍්‍රියා කරන ජාතික, ආගමික සංවිධාන තහනම් කර මර්ධනය කරන්නැයි ඉල්ලා සිටීම සිංහල බෞද්ධ අයිතියට එල්ල කරන තර්ජනයකි. ඇතැම් බෞද්ධ සංවිධානවල හැසිරීම, ක‍්‍රියාකාරීත්වය ගැන ගැටලූ ඇත. එහෙත් ඒ කිසිවෙක් ආයුධගත්, ත‍්‍රස්තවාදී හෝ අන්තවාදී සංවිධාන නොවේ. ඒවා මෙන් සියගුණයක් අන්තවාදීව සිතන, වැඩකරන, අරමුණු කරගත් මුස්ලිම් අන්තවාදීන් ඇත. ඔවුන්ගේ ඇතුළාන්තය සහ ක‍්‍රියාකාරීත්වය ඉතා බිහිසුණුය. භයානකය. අපරාධකාරීය. තවුහිත් ජමාත් සංවිධානයේ ක‍්‍රියාකාරීත්වය නිසා සම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය තුළ ද ගැටුම් ඇති වෙමින් මිනිමරා ගනිමින් ඇත. එසේ තිබිය දී මුස්ලිම් ප‍්‍රජාව තුළ බෞද්ධ අන්තවාදයක් ගැන කියමින් මුස්ලිම් ජනතාව බියවද්දමින් ඇත. ඒ බියවැද්දීමේ කිසිඳු පදනමක් හෝ සත්‍යතාවක් නැත. සැබෑ ලෙසම මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව විමසාබැලිය යුතුවන්නේ මුස්ලිම් සමාජය තුළ හිස ඔසවන සමාජ බෙදුම්වාදය හා අන්තවාදය පිළිබඳවත් ලාංකීය පොදු සමාජයෙන් තම ප‍්‍රජාව හුදකලාවීමත් පිළිබඳවය. එබැවින් රජයේ වගකිවයුතු බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ජාතික ආගමික බෞද්ධ සංවිධාන පිටුපස හඹායන්නට, නීතිය ක‍්‍රියාවට නගන්නට දක්වන උනන්දුව තවුහිත් ජමාත් ඇතුඵ මුස්ලිම් අන්තවාදී කොටස් පිළිබඳව ද අවධානය යොමුකර නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසයි' යනුවෙනි.

No comments:
Post a Comment